දේශීය

පළාත් කිහිපයකට තද වැසි තවදුරටත්

(UTV | කොළඹ ) – අද (28) සහ හෙට (29) දිනවල බස්නාහිර, සබරගමුව, මධ්‍යම පළාත් සහ ගාල්ල , මාතර දිස්ත්‍රික්කවලට මිලිමීටර් 150 ට වඩා අධික වර්ෂාපතනයක් අපේක්ෂා කරන බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

උතුරු සහ නැගෙනහිර පළාත්වල ද, තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත්කළ නිවේදනයේ දැක්වේ.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට අකුණු මඟින් සහ තාවකාලික තද සුළං මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

මේ අතර බේරුවල සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන වෙරළ ආසන්න මුහුදු ප්‍රදේශවල මුහුදු රළ ඉහළ යාම හේතුවෙන්, මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මේ හේතුවෙන් වෙරළ ආසන්නයේ ජීවත්වන ජනතාව අවධානයෙන් කටයුතු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ඉල්ලා සිටී.

Related posts

ජල පිරිපහදු මධ්‍යස්ථාන සහ පොම්පාගාර ජලයෙන් යටවෙලා ; පිරිපහදු කළ ජලය සැපයීමත් ගැටළුවක්…!

Editor O

විදුලි අර්බුදය කඩිනමින් අවසන් කිරීමට සාකච්ඡා

Mohamed Dilsad

තවත් ලාංකිකයන් පිරිසක් දිවයිනට

Mohamed Dilsad

Leave a Comment