දේශීය

ළමා අපයෝජනයට එරෙහිව ආරක්ෂක අමාත්‍යාංශයෙන් වැඩපිළිවෙලක්

(UTV | කොළඹ) –  ළමා අපයෝජනයට එරෙහිව දැඩි නීති ක්‍රියාත්මක කිරීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශය ජාතික ළමාරක්ෂක අධිකාරිය සමඟ එක්ව වැඩපිළිවෙලක් ක්‍රියාවට නැංවීමට සූදානමින් සිටියි.

2015 වසරේ සිට පසුගිය වසර දක්වා කාලය තුළ ළමා අපයෝජන සම්බන්ධයෙන් පැමිණිලි 47,177 ක් ජාතික ළමාරක්ෂක අධිකාරියට ලැබී ඇති බව ද ආරක්ෂක අමාත්‍යාංශයේ ඊයේ (27) පැවති රැස්වීමකදී අනාවරණ වී ඇත.

ළමා අපයෝජනයක් හෝ ළමා අයිතිවාසිකම් උල්ලංඝණය වීමක් සිදුවුවහොත් ඒ පිළිබදව පැමිණිලි කිරීම සඳහා 1929 යන අංකය ද හඳුන්වා දී ඇත.

මෙය ළමා සංවර්ධනය හා කාන්තා අභිවෘද්ධිය අමාත්‍යාංශයේ ළමා උපකාරක දුරකථන සේවාවකි.

Related posts

විදේශ ඇමති විජිත ජිනීවා යයි

Editor O

ඇඟලුම් කර්මාන්ත ශාලාවේ 1400ක් පරීක්‍ෂාවට

Mohamed Dilsad

ලියාපදිංචි සංචාරක මගපෙන්වන්නන්ට සහන පැකේජයක්

Mohamed Dilsad

Leave a Comment