ක්‍රීඩා

ලබන මාසයේ සිට යළිත් ශ්‍රී ලංකාවට ක්‍රිකට් උණුසුම

(UTV | කොළඹ) – ලංකා ප‍්‍රිමියර් ලීග් පන්දුවාර 20 යි 20 ක‍්‍රිකට් තරගාවලිය ලබන මාසයේදී පැවැත්වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව අනුමැතිය හිමිවී තිබේ.

ඒ අනුව අගෝස්තු 28 වනදා සිට සැප්තැම්බර් 20 වනදා දක්වා තරගාවලිය පැවැත්වෙන බව ක්‍රිකට් ආයතනය නිකුත් කල නිවේදනයක දැක්වෙයි.

විදෙස් ක‍්‍රිඩකයින් 74 දෙනෙකුද මෙම තරගාවලියට එක්වීමට නියමිතව ඇත.

මෙම තරඟාවලිය තරග 23 කින් සමන්විත වන අතර , ක්‍රීඩාංගණ 04 කදී තරග පැවැත්වෙනු ඇති.

ඒ අනුව කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණය , රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණය , පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණය සහ සූරියවැව අන්තර්ජාතික ක්‍රීඩාංගණයේදී තරග පැවැත්වීමට නියමිතයි.

70 කට අධික විදේශීය ක්‍රීඩකයන් , සුපිරි පුහුණුකරුවන් 10 දෙනෙකු සහ ඉහළම ලාංකික ක්‍රීඩකයන් දැනටමත් තරඟාවලියට සහභාගී වන බව තහවුරු කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කල නිවේදනයක දැක්වෙයි.

තරඟාවලියේ නාම හිමිකාරීත්වය වෙනුවෙන් වන ලංසු තැබීම ලබන 30 වනදා සිදුකිරීමට නියමිත අතර තරග කාලසටහන ඉන් අනතුරුව ප්‍රකාශයට පත්කෙරෙනු ඇත.

Related posts

හිමාෂ ඒෂාන් ඔලිම්පික් ශූර යොහාන් බ්ලේක් පරදවයි

Mohamed Dilsad

කොදෙව් කණ්ඩායමට මාස තුනක වැටුප් හා දීමනා අහිමි වෙයි

Mohamed Dilsad

නුවන් සොයිසාට වසර 06 ක ක්‍රිකට් තහනමක්

Mohamed Dilsad

Leave a Comment