දේශීයප්‍රමුඛ පුවත 1

රාජාංගණයේ යාය 1 සහ 2 සංචරණ සීමා ලිහිල් කෙරේ

(UTV| අනුරාධපුරය) – කොරෝනා වෛරසය පැතිර යාමත් සමඟ සංචරණයට සීමා පැනවූ රාජාංගණයේ යාය 1 සහ 2 යන ප්‍රදේශවල සීමාවන් ලිහිල් කළ බව එම ප්‍රදේශය භාර වැඩබලන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීනී වෛද්‍ය එච්.කේ. අබේරත්න සඳහන් කළා.

කෙසේ වෙතත්, සංචරණයට සීමා පැනවූ යාය 3, 4, 5 සහ 6 යන ප්‍රදේශවල සීමාවන් තවදුරටත් ක්‍රියාත්මක වන බව ද ඇය කියා සිටියාය.

ඊයේ (27) දිනයේදීත් තවත් කොරෝනා ආසාදිතයින් 23 දෙනෙකු වාර්තා වීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2805 දක්වා ඉහළ ගොස් ඇත.

ඉන් 17 දෙනෙකු සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැදවියන් වන අතර, අනෙක් 5 දෙනා කටාර් රාජ්‍යයෙන් සහ සෞදි අරාබියේ සිට මෙරටට පැමිණ නිරෝධායනයට ලක්වෙමින් සිටින පුද්ගලයෙකු බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

Related posts

මයන්ත සජබ තනතුරෙන් ඉල්ලා අස්වේ

Mohamed Dilsad

ඛණිජ තෙල් ඇමති දැන්වත් ඇත්ත එළි කළ යුතුයි. – නැත්නම් මට නඩු දාන්න – හිටපු ඛණිජ තෙල් ඇමති කංචනගෙන් සැර ප්‍රකාශයක්

Editor O

2020 නව වසර පිළිගැනීමට ලංකාවාසීන් සූදානමින්

Mohamed Dilsad

Leave a Comment