දේශීයප්‍රමුඛ පුවත 3

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු අද අගමැති හමුවට

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර තීරණාත්මක සාකච්ඡාවක් අද (28) පැවැත්වීමට නියමිතව තිබේ.

මහ මැතිවරණයට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ ගැසට් නිවේදනයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට නිසි බලතල නොදීම සම්බන්ධයෙන් මෙහිදී අග්‍රාමාත්‍යවරයා සමඟ සාකච්ඡා සිදුකරනු ඇත.

මෙම කරුණ පදනම් කරගනිමින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය කොවිඩ් 19 මර්දන රාජකාරිවලින් සහ බෝවන රෝග පාලන කටයුතුවලින් ද ඉවත්වී සිටිනවා.

අද පැවැත්වෙන සාකච්ඡාවේදී සුභවාදී පිළිතුරක් ලැඛෙනු ඇතැයි අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය මහතා කියා සිටියේය.

Related posts

නාමල් රාජපක්ෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙයි.

Editor O

තැපැල් කාර්යාල විවෘත කර තබන්නැයි දැනුම් දෙයි

Mohamed Dilsad

රට තුළ ඇති වී තොග ගැන සමීක්ෂණ වාර්තාවක් ජනාධිපතිට

Editor O

Leave a Comment