Trending Newsඑසැන පුවත්දේශීය

නාමල් රාජපක්ෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මීට සුළු වේලාවකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබේ. ශ්‍රීලන්කන් ගුවන් සේවය විසින් 2013 වසරේදී සිදුකරන ලද එයාර්බස් ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු එලෙස පැමිණ ඇත.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් නාමල් රාජපක්ෂ මහතා පවසා සිටියේ, මේ දිනවල නිරන්තරයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත තමාව කැඳවන බවත් එය කිසිදු ගැටලුවක් නොමැති බවත්ය.

“අපි එන තරමටම තමා මේ අයගේ බොරුව වංචාවක් කියන එක සමාජයට තහවුරු වෙන්නේ. යහපාලන ආණ්ඩුවේ දුෂණ විරෝධී කමිටුවේ හිටිය මහත්තයාම තමා මේ ආණ්ඩුවේ පොලීසිය භාර අමාත්‍යවරයා. නිවාඩු දවසක අපිව ගෙනල්ලා කටඋත්තර ගන්න මහන්සිවෙන ආණ්ඩුව නිවාඩු දවසේ කෙසේ වෙතත් උසාවි දවසේ මහන්සි වෙලා ආරක්ෂාව තහවුරු කළොත් හොඳයි”

Related posts

வரலாற்றில் முதல் தடவையாக கல்வி அமைச்சில் தை பொங்கல் விழா

Mohamed Dilsad

தேங்காய்க்கான கட்டுப்பாட்டு விலை நீக்கம்

Mohamed Dilsad

පොදු ප්‍රවාහණ සේවා පිළිබඳ අවසාන තීරණය හෙට [PRESS RELEASE]

Mohamed Dilsad

Leave a Comment