Trending Newsඑසැන පුවත්දේශීය

ඛණිජ තෙල් ඇමති දැන්වත් ඇත්ත එළි කළ යුතුයි. – නැත්නම් මට නඩු දාන්න – හිටපු ඛණිජ තෙල් ඇමති කංචනගෙන් සැර ප්‍රකාශයක්

පවතින මිල සූත්‍රය අනුව නොවැම්බර් 01 වැනිදා ද ඉන්ධන මිල සංශෝධනයේදී පෙට්‍රල් සහ ඩීසල් මිල තවත් රු.15කින් 20කින් අඩු කළ හැකි බව හිටපු විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ප්‍රකාශ කරයි.

එසේ නොමැති නම් ජාතික ජන බලවේගයේ නියෝජිතයින් තමා සම්බන්ධයෙන් කළ චෝදනා නිවැරදි කළ යුතු බවත්, ඉන්ධන වලින් තමන්ගේ සාක්කුවට මුදලක් ඇවිත් තියෙනවනම් තමන්ට දඬුවම් කිරීම සඳහා අදාළ නීතිය ක්‍රියාත්මක කළ යුතු බවද කංචන විජේසේකර මහතා සඳහන් කරයි.

හිටපු අමාත්‍ය කංචන විජේසේකර මහතා මෙසේ ද කීවේය. නොවැම්බර් පළමුවැනිදා නැවත මිල සංශෝධනයක් තියෙනවා. මම නැවත කියනවා මිල සූත්‍රය අනුව නම් යන්නේ තව රු. 15ක් 20ක් මේ යන මිල ක්‍රමය යටතේ අඩු කරන්න පුළුවන් ඩීසල්වලට පෙට්‍රල් වලට. සුපිරි ඩීසල්වලට එහෙම කරන්න බැහැ. මාස හයකට සැරයක් තමයි ඒ මිල විශාල වශයෙන් වෙනස වෙන්නේ. හැබැයි අපි පහුගිය කාලේ ඇණවුම් කරපුවා තොග තියෙන ඒවා, මිලදී ගත් ඒවායේ ප්‍රතිලාභ මේ මාස තුන හතරේ ජනතාවට ලැබෙනවා ඒ මිල සූත්‍රයම ගියොත්. නැත්නම් ජාතික ජන බලවේගයේ නියෝජිතයෝ කියන්න ඕනේ මෙච්චර කල් අපි කිව්වේ බොරු කංචන විජේසේකරගේ සාක්කුවට යනවා කිව්වෙත් බොරුවට. නැත්නම් කියන්න ඕනේ කංචන විජේසේකරගේ සාක්කුවට යනවා කිව්වේ ඇත්ත දැන් යන්නේ කංචන විජේසේකරගේ සාක්කුවට නෙවෙයි දැන් ඉන්න ඇමතිගේ සාක්කුවට කියල. මොනවහරි දෙකෙන් එකක් කියන්න ඕනේ. දැන් ඉන්න බලශක්ති ඇමති අනුර කුමාර දිසානායක. එක්කෝ දැන් කියපු ගානට අඩු කරලා දෙන්න මට එහෙම ගාණක් ගියානම් මට දඬුවම් කරන්න. එහෙම නැත්නම් කිව්වේ බොරුවක් කියල මහජනතාවට එළිදරව් කළ යුතු බවද කංචන විජේසේකර මහතා කීවේය.

Related posts

Mueller threatened Trump with subpoena amid Russia probe

Mohamed Dilsad

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, බීබීසී මාධ්‍ය ආයතනයෙන් වන්දි ඉල්ලීම ට සැරසෙයි

Editor O

Cricketer Dimuth Karunaratne to produce before Court today

Mohamed Dilsad

Leave a Comment