කලා

රිෂි කපූර්ගේ අභාවයෙන් රන්බීර්ගේ විවාහය යළිත් කල් යයි

(UTV | ඉන්දියාව) – විවිධ හේතූ නිසා අවස්ථා කිහිපයකදීම මේ වසරේදී සිය විවාහයේ සිදුවන බවට දින නියම කළ බොලිවුඩයේ සුරූපී සිනමා නිළි ආලියා භාට්ගේ විවාහය කවදා කෙදිනක සිදුවනවාද යන්න තවමත් නිශ්චිතව වාර්තා නොවේ.

සිය පෙම්වතා වූ සිනමා නළු රන්බීර් කපූර්ගේ පියා රිෂි කපූර්ගේ හදිසි වියෝව නිසාවෙන් මෙම විවාහය කිහිප වරක් කල් දමන්නට ආලියා හා රන්බීර්ට සිදුවිය.

වසරකට ආසන්න කාලයක් ඇමෙරිකාවේ නිව්යෝර්ක් නගරයේ පෞද්ගලික රෝහලක නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි රිෂි හදිසියේම ජීවිතක්ෂයට පත්විය.

කෙසේ වෙතත් ආලියා, රන්බීර් නුදුරේම විවාහ වීමට සූදානමින් සිටින බව බොලිවුඩ් ආරංචි මාර්ග පවසයි.

Related posts

රෝහිත් ෂෙට්ටිගේ ‘සූර්යවංශි’ ළඟදීම තිරයට

Mohamed Dilsad

ජස්ටින් බීබර් රෝගී තත්ත්වයකට ගොදුරු වෙයි

Mohamed Dilsad

ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයෙකු සමග විවාහ වීමට සැරසෙන කවීෂා [PHOTOS]

Mohamed Dilsad

Leave a Comment