දේශීය

අණ නොතකා ධාවනය කළ වෑන් රථයක සිටි පිරිසක් අත්අඩංගුවට

(UTV | නාඋල) – අණ නොතකා ධාවනය කළ වෑන් රථයක සිටි සිව් දෙනෙකු ලබන මස 4 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

නාඋල පොලිස් වසමේ අපරාධ නිවාරණ රාජකාරියේ යෙදී සිටි නිලධාරින් විසින් ඊයේ (25) වෑන් රථයකට නවත්වන ලෙස අණ කළද පොලිස් අණ නොතකා එම වෑන් රථය ධාවනය කර තිබේ.

පසුව, වෑන් රථය පසුපස හඹා ගොස් පොලිස් නිලධාරින් විසින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණි.

සැකකරුවන් කුරුණෑගල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන බව පොලිසිය පැවසීය.

Related posts

ජිනීවාවලදී වෙච්ච දේ පැහැදිලි කරන්න, අගමැති හරිනි සති දෙකක් කාලය ඉල්ලයි

Editor O

රථයක් පෙරළීමෙන් අට දෙනෙකුට තුවාල

Mohamed Dilsad

තවත් කොවිඩ් මරණ තුනක්

Mohamed Dilsad

Leave a Comment