දේශීය

නිරෝධායන නිමකල තවත් පිරිසක් අද නිවෙස් වෙත

(UTV | කොළඹ ) – අද (23) ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානවලින් නිරෝධායනය අවසන් කල පුද්ගලයින් 132 නෙකු නිවෙස් බලා පිටත්ව යාමට නියමිතයි.

ඔවුන් නිරෝධායන මධ්‍යස්ථාන දෙකකින් පිටත්ව යාමට නියමිත බව යුද්ධ හමුදාව පැවසුවේය.

දෝහා සිට අද අලුයම මෙරටට පැමිණි පුද්ගලයින් 29 දෙනෙකු හා චෙන්නායි සිට මෙරටට පැමිණි පුද්ගලයින් 14 දෙනෙකු අදාල නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට කටයුතු සුදානම් කර ඇති බව යුද්ධ හමුදාව නිකුත් කල නිවේදනයක දැක්වෙයි.

මේ අතර නිරෝධායන මධ්‍යස්ථානවලින් නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර පිටත්ව ගිය සමස්ථ පුද්ගලයින් සංඛ්‍යාව 25316 කි.

නිරෝධායන මධ්‍යස්ථාන 47 ක් තුල තවදුරටත් නිරෝධායනයට ලක්වන පුද්ගලයින් ගණන 4984 ක් වේ.

Related posts

තවත් කොවිඩ් ආසාදිතයින් 13 දෙනෙක්

Mohamed Dilsad

ජනපති ජපානයේ සහ පිලිපීනයේ නිල සංචාරයක්

Mohamed Dilsad

සෞදි අරාබියේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 275 දෙනෙක් දිවයිනට

Mohamed Dilsad

Leave a Comment