දේශීයප්‍රමුඛ පුවත 3

සෞදි අරාබියේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 275 දෙනෙක් දිවයිනට

(UTV| කොළඹ) – සෞදි අරාබියේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 275 දෙනෙකු රියාද් නුවර සිට රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (07) උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

මෙම ශ්‍රී ලාංකිකයන් සෞදි අරාබියේ රැකියා සදහා ගොස් සිටි පිරිසක් වන අතර , අද පෙරවරු 7.10 ට පමණ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

මීට අමතරව කටාර් රාජ්‍යයේ නැව් වල සේවය සදහා ගොස් සිටි ශ්‍රී ලාංකික නාවිකයන් 5 දෙනෙකු ද කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියහ.

මෙම ගුවන් මගීන් පිරිස පැමිණි පසු PCR පරීක්ෂණ සදහා යොමු කරනු ලැබීය.

Related posts

පාස්කු කොමිසමේ අවසන් වාර්තාව ජනපතිට

Mohamed Dilsad

පාසල් ඇරඹීමට අදාළව විශේෂ චක්‍රලේඛයක්

Mohamed Dilsad

කන්කසන්තුරේ වරායට එන ඉන්දීය මගී යාත්‍රාව ගැන දැනුම්දීමක්

Mohamed Dilsad

Leave a Comment