දේශීය

මව පියාගේ විවාහක අවිවාහක බව උප්පැන්නයෙන් ඉවතට

(UTV | කොළඹ ) – රෙජිස්ටාර් ජනරාල් එම්.සී. විතානගේ විසින් ඉදිරි මාස දෙක තුළ හඳුන්වාදීමට නියමිත නව ඩිජිටල් උප්පැන්න සහතිකයේ දෙමව්පියන් විවාහක ද, නැද්ද යන්න කොටස ඉවත් කර ඇති බව ප්‍රකාශ කර තිබේ.

දරුවන්ට අගතිදායක බැවින් පැරණි උප්පැන්න සහතිකයේ තිබූ මෙම කොටස නව උප්පැන්න සහතිකයට ඇතුළත් නොකළ බව රෙජිස්ටාර් ජනරාල්වරයා පෙන්වා දෙයි.

එමෙන්ම උප්පැන්න සහතිකයේ ඇති ආගම සහ ජාතිය යන කොටස ඉවත් කොට ශ්‍රී ලාංකික යනුවෙන් එහි ඇතුලත් කිරිමට අදහස් කර ගෙන සිටින බවට වාර්තා වේ.

ජනතාවගේ පහසුව උදෙසා මෙම මාසය අවසන් වීමට පෙර උපත්, මරණ සහ විවාහ සහතික පිටපත් නිකුත් කරන කාර්යාලයක් ආගමන විගමන සහ පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පිහිටි සුහුරුපායේ ස්ථාපිත කිරීමට පියවර ගන්නා බවද ඔහු වැඩිදුරටත් පැවසුවේය.

Related posts

කොටපොළ සමූපකාරයෙන් මාලිමාවට අන්ත පරාජයක්

Editor O

වන්දනාවේ යමින් සිටි තිරික්කල පෙළට බස් රථයක් කඩාවදී

Mohamed Dilsad

සඳුදා සිට ජන ජීවිතය යථා තත්ත්වයට පත්කිරීම පිළිබඳව ජනපතිගේ අවධානය

Mohamed Dilsad

Leave a Comment