ගොසිප්

ගම්පහ 150ක් PCR පරීක්‍ෂණයට

(UTV |කොළඹ) – ගම්පහ ප්‍රදේශයේ  150 දෙනෙකු PCR පරීක්ෂණයට ලක් කළ බව ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි සුභාස් සුබසිංහ පවසයි.

ඒ කොරෝනා වෛරසය ආසාදනය වූ ගම්පහ ප්‍රදේශයේ භෞතික විද්‍යා ගුරුවරයාගේ ආශ්‍රිතයින් පිරිසකි.

මෙම ගුරුවරයාට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට පසුගිය 19 වෙනිදා තහවුරු වී තිබේ.

මිට පෙර කොරෝනා වෛරසය ආසාදනය වූ කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශකවරුන් රැගෙන ගිය රියදුරෙකු ගෙන් මෙම ගුරුවරයාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව වෛද්‍ය සුභාස් සුබසිංහ පවසයි.

මෙම ගුරුවරයා ගම්පහ ප්‍රදේශයේ විදුහලක ඉගැන්වීම් සිදුකර ඇත.

ඔහු ළමුන්ට උපකාරක පංතිද පවත්වා ඇති බවට හෙළිව ඇති බව වෛද්‍ය සුභාස් සුබසිංහ පැවසීය.

එලෙස පාසැලේ එම ගුරුවරයාගේ ආශ්‍රිත ගුරුවරුන් හා ළමුන්ද , උපකාරක පංති පැවැත්වූ ළමුන් හා එම නිවෙස් වල ආශ්‍රිතයින් සොයා ගෙන ඔවුන්ව නිරෝධායනයට යොමු කළ බවයි දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා සඳහන් කළේය.

මේ අනුව ගුරුවරුන් හා ළමුන් 52ක් පමණ හා උපකාරක පංති ආශ්‍රිතයින් 100 දෙනෙකු සිටින බවත් ඔවුන්ගේ PCR පරීක්ෂණ සිදුකළ බවත් එම වාර්තා වල ප්‍රථිපල අනුව ඒ කිසිවෙකුටත් කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බවට හෙළිව ඇත.

Related posts

මා සහ සංගක්කාර අංක 3-4 ක‍්‍රීඩා කලේ එවකට ජ්‍යෙෂඨයන්ට වඩා දක්‍ෂතා තිබූ නිසා

Mohamed Dilsad

“බැසිල්ට මොළ 7ක් තියෙනවා තමයි” – ජයන්ත කියයි

Mohamed Dilsad

මහමැතිවරණයේදී එජාපය මෙහෙයවීම කරුට?

Mohamed Dilsad

Leave a Comment