ගොසිප්

මා සහ සංගක්කාර අංක 3-4 ක‍්‍රීඩා කලේ එවකට ජ්‍යෙෂඨයන්ට වඩා දක්‍ෂතා තිබූ නිසා

(UTV | කොළඹ) – තමන් සහ කුමාර සංගක්කාර පිතිකරු ලයිස්තුවේ 3 සහ 4 ක‍්‍රීඩා කලේ එවකට සිටි ජ්‍යෙෂඨ ක‍්‍රීඩකයන්ට වඩා දක්‍ෂතා තිබූ නිසා බව හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන සඳහන් කරයි.  

එය එම ක‍්‍රීඩකයන් කැමැත්තෙන් කල දෙයක් නොවන බවද ක‍්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් වූ දෙයක් බවත් ඔහු පෙන්වා දෙයි.

කුමාර සංගක්කාර සහ තමන් ක්‍රීඩාවෙන් සමුගන්නා විට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පසු පෙළක් නිර්මාණය කර තිබූ බවත් ඔවුන් සමග ලෝක කුසලානය පවා ජය ගත් බවත් ඔහු එහිදී තවදුරටත් කියා සිටියේය.

මේ අතර , හිටපු ක්‍රිකට් නායක සනත් ජයසූරිය මහතා කියා සිටින්නේ අවශ්‍ය අවස්ථාවලදී ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් සහාය දැක්වීමට තමන් සූදානම් බවයි.

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සමග මව්බිමට පැමිණි අවස්ථාවේ කටුනායක දී මාධ්‍යවේදීන් ඇසු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව සඳහන් කර සිටියේය.

එමෙන්ම සනත් සඳහන් කළේ ලෙජන්ඩ්ස් කණ්ඩායම ජයග්‍රහණ ලබා ගත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් පහළට දැමීමේ අදහසින් නොවන බවයි.

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව නංවාලීම සඳහා අවශ්‍ය අවස්ථාවල සහාය දැක්වීමට තමන් ද කැමති බව සනත් ජයසූරිය මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Related posts

නාවික සෙබළෙකුත් කොරෝනා රෝගයට ගොදුරු වෙයි

Mohamed Dilsad

ආමීර් – කිරාන් දික්කසාද වෙයි

Mohamed Dilsad

ජනපතිගේ ‘ගම සමග පිළිසඳර’ බාල බොලද වැඩක්..

Mohamed Dilsad

Leave a Comment