කලා

වැඩිම නිර්දේශයන් අතරට ආ ‘මාන්ක්’

(UTV | ඇමරිකාව) – මෙවර ඇකඩමි සම්මාන උළලේදී වැඩිම සම්මාන ප්‍රමාණයක් සඳහා නිර්දේශ වී ඇති චිත්‍රපටය බවට පත්ව ඇත්තේ ඩේව්ඩ් ෆින්චර් විසින් අධ්‍යක්ෂණය කළ ‘මාන්ක්’ චිත්‍රපටයයි.   

පසුගිය වසරේ නොවැම්බර් 20 වැනිදා ප්‍රදර්ශනය වූ මෙම චිත්‍රපටය මෙවර ඇකඩමි සිනමා සම්මාන උළලේදී සම්මාන 10 ක් සඳහා නිර්දේශ වී ඇත.

එම සම්මාන අතරේ හොඳම චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂවරයා, හොඳම නළුවා හා හොඳම සහය නිළිය යන ප්‍රධාන සම්මානද ඇතුළත්ව තිබිම විශේෂත්වයකි. ‘මාන්ක්’ චිත්‍රපටයට අමතරව, ‘ද ෆාදර්’, ‘මිනාරි’, ‘නෝමාඩ්ලැන්ඩ්’, සවුන්ඩ් ඔෆ් ද මෙඩල්’ ඇතුළු හොලිවුඩ් චිත්‍රපට 6 ක් වැඩි සම්මාන ප්‍රමාණයක් සඳහා නිර්දේශිත වී ඇත.

 

Related posts

නන්තලට ලංකාවට පැමිණි බොලිවුඩ් තාරුකාව [PHOTOS]

Mohamed Dilsad

‘මාස්ටර්’ බොලිවුඩ් චිත්‍රපටයට එන සුපිරි නළුවා

Mohamed Dilsad

Siren හි රූගත කිරීම් ඇරඹෙයි

Mohamed Dilsad

Leave a Comment