දේශීය

ශෂී වීරවංශ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

(UTV | කොළඹ ) – අමාත්‍ය විමල් වීරවංශගේ බිරිඳ වන ශෂී වීරවංශ අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කර තිබේ.

අද (21) ව්‍යාජ හැඳුනුම්පත් හා ව්‍යාජ විදේශ ගමන් බලපත්‍ර සකස් කිරීමේ නඩුවට අදාළව ඇය අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් මෙලෙස වරෙන්තු නිකුත් කර ඇත.

ඇය වෙනුවෙන් අද දිනයේදී පෙනී සිටියේ මේ දක්වා ඇය වෙනුවෙන් අධිකරණයට පැමිණි නීතිඥවරයා නොව වෙනත් නීතීඥවරයෙකු වන අතර ඔහු සඳහන් කර ඇත්තේ සිය සේවාදායිකාව අසනීප තත්වයෙන් පසුවන බවයි.

එහෙත් ඊට අදාළ වෛද්‍ය වාර්තා අධිකරණයට ඉදිරිපත් නොකිරීම හේතුවෙන් ඇයව අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය වරෙන්තු නිකුත් කර තිබේ.

වැඩිදුර නඩු විභාගය ලබන අගෝස්තු 18 වනදා සිදුකිරීම නියමිතයි.

Related posts

මත්ද්‍රව්‍ය සමඟ උපපොලිස් පරීක්ෂකවරයකු අත්අඩංගුවට

Mohamed Dilsad

නිවාර් සුළි කුණාටුවේ බලපෑම ලංකාවටත්

Mohamed Dilsad

රජයෙන් වෘත්තීයවේදීන්ට පොරොන්දුවක්

Mohamed Dilsad

Leave a Comment