ක්‍රීඩා

චන්දික හතුරුසිංහ යළිත් පුහුණුකරු ධූරයකට

(UTV | ඕස්ට්‍රේලියාව) – ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ හිටපු ප්‍රධාන පුහුණුකරු වූ චන්දික හතුරුසිංහ ඕස්ට්‍රේලියාවේ නිව් සවුත්වේල්ස් ප්‍රාන්ත කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු වශයෙන් තෝරා පත්කරගෙන තිබේ.

2010 – 2014 අතර කාලයේදී නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත ක්‍රිකට් කණ්ඩායමේ සහය පුහුණුකරුවා ලෙස ද ඔහු සේවය කර තිබුණි.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ධුරයට Cricket Australia pathways පුහුණුකරු Chris Rogers සහ බටහිර ඉන්දීය කොදෙව් හි සහකාර පුහුණුකරු Toby Radford ද අයදුම් කර තිබූ බව සඳහන්.

එංගලන්තයේ මයිකල් යාර්ඩි 2019 දී අත්සන් කළ වසර දෙකක ගිවිසුමේ අඩක් ගෙවා දමමින් සිටින විට සිය පවුලේ හේතූන් මත ආපසු එංගලන්තයට ගිය පසු නව පිතිකරණ පුහුණුකරුවෙකු සොයා ගැනීමට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයට අවශ්‍ය විය.

ඒ අනුව චන්දික හතුරුසිංහ මහතාව එම ධුරයට තෝරාගෙන තිබේ.

පසුගිය වසරේ ඔක්තොම්බර් මාසය දක්වා ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ ප්‍රධාන පුහුණුකරු වශයෙන් කටයුතු කළේ චන්දික හතුරුසිංහයි.

ඊට පෙර ඔහු බංගලිදේශ ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසද වසර කිහිපයක් කටයුතු කර තිබුණි.

Related posts

මුරලි සචින් බ්‍රයන් ලාරා යළි ක්‍රීඩා පිටියට

Mohamed Dilsad

වනිඳු වෙනුවට වැන්ඩර්සේ කැඳවයි

Editor O

ඉන්දීය ක්‍රීඩකයින්ට 40 % ක දඩයක්

Mohamed Dilsad

Leave a Comment