ක්‍රීඩා

ඉන්දීය ක්‍රීඩකයින්ට 40 % ක දඩයක්

(UTV | ඉන්දියාව) – ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමට ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් නැවත වරක් දඩ නියම කර ඇත.

ඒ, එංගලන්තය සමග අහ්මදාබාද්හි පැවැති 5 වන 20-20 ක්‍රිකට් තරගයේ දී නියමිත කාලයට පන්දුවාර 20 යවා නිම නොකිරීම හේතුවෙන්.

විරාට් කෝලිගේ නායකත්වයෙන් යුත් ඉන්දීය කණ්ඩායමට නියමිත කාලය නිමා වන විට පන්දුවාර 2ක් යවා නිමා කිරීමට හැකියාව ලැබී නොමැත.

ඒ අනුව සියලු ක්‍රීඩකයින්ට තරග ගාස්තුවෙන් 40%ක දඩ මුදලක් පනවා ඇති බව සදහන්.

තරග තීරකවරයා ලෙස කටයුතු කළ ජවගල් ශ්‍රීනාත් විසින් මෙම දඩ පැනවීම සිදු කර ඇත.

 

Related posts

පළමු දිනය අවසන් වන විට ශ්‍රී ලංකාව ලකුණු 90 ක් පසු පසින්

Mohamed Dilsad

චන්දිමාල්ගේ අභියාචනය

Mohamed Dilsad

ඕස්ට්‍රේලියා – නවසීලන්ත තුන්වන ටෙස්ට් තරඟය අද

Mohamed Dilsad

Leave a Comment