දේශීය

අතපසු වූ අයට තැපැල් ඡන්දය භාවිත කිරීමට අවස්ථාව

(UTV | කොළඹ ) – අද (20) තැපැල් ඡන්ද අයදුම්කරුවන් ට තැපැල් ඡන්ද සලකුණු කිරීමට අවස්ථාව ලබා දී තිබේ.

පසුගිය සතියේ තැපැල් ඡන්ද සලකුණු කිරීමට නොහැකි වූ පුද්ගලයින් ට අද සහ හෙට (21) දෙදින තුළ ඒ සඳහා අවස්ථාව ලබා දී ඇති බව මැතිවරණ කොමිසම පැවසුවේය.

ඒ අනුව තම ආයතනයේ සහතික කිරීමේ නිලධාරියා වෙත ගොස්, තැපැල් ඡන්දය භාවිත කිරීමට අයදුම්කරුවන් ට හැකියාව පවතී.

තවද රාජාංගනය ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ පමණක් තැපැල් ඡන්ද භාවිත කිරීම එම ප්‍රදේශවල නිරෝධායන කටයුතු අවසන් වීමෙන් පසු සිදුකරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

Related posts

පී.සී.ආර්. කට්ටල 20,000 කට අධික සංඛ්‍යාවක් රැගත් ගුවන් යානය චීනයේ සිට දිවයිනට

Mohamed Dilsad

පොහොරට කියා කුණු මාළු නැවක් ගෙන්වූ සැමන් කර්මාන්ත කරුවා!

Mohamed Dilsad

හිටපු ජනාධිපති රනිල්, අගමැති දිනේෂ් ඇතුළු 18 දෙනෙකුගෙන් ප්‍රකාශ ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගන්නා බව නීතිපති අධිකරණයට කියයි.

Editor O

Leave a Comment