දේශීයප්‍රමුඛ පුවත 2

උසස් පෙළ සහ ශිෂ්‍යත්වය පවත්වන දින ප්‍රකාශයට පත්කිරීම අද

(UTV| කොළඹ) –  මෙවර උසස් පෙළ සහ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පවත්වන දින අද (20) ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.

අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ අධ්‍යාපන අමාත්‍යාංශයේ දී මේ සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබේ.

කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගය සැප්තැම්බර් මාසයේ දී පැවැත්වීමට මීට පෙර තීරණය කර තිබුණත් තවදුරටත් පාසල් වසා තැබීම ඇතුළු කරුණු හේතුවෙන් විභාග දින සංශෝධනය කරන බව අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කර තිබුණි.

කෙසේවෙතත් 11 / 12 සහ 13 යන ශ්‍රේණිවල සිසුන් සඳහා පමණක් ලබන සඳුදා සිට පාසල් නැවත විවෘත කිරීමට නියමිතයි.

රාජාංගනය සහ වැලිකන්ද අධ්‍යාපන කොට්ඨාශවල කිසිදු පාසලක් අගෝස්තු මස 10 වැනිදාට පෙර විවෘත නොකරන බව ද අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරනු ලැබීය.

Related posts

කටුනායක ගුවන් තොටුපොළට පැමිණි ගුවන් යානයක ත්‍රස්ත බියක්..?

Editor O

කතානායක ආචාර්යය අශෝක රංවලගේ, ආචාර්යය උපාධිය ගැන ඉදිරියේදී ප්‍රකාශයක් කරාවි – කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස

Editor O

කටුනායකට පැමිණි ගුවන් යානයක බෝම්බ බියක් : සැක කටයුතු කිසිවක් හමුවී නැහැ.

Editor O

Leave a Comment