දේශීය

මුත්තියන්කට්ටු රක්ෂිතයේ අතරමන් වු වෛද්‍ය සිසුන් සොයාගනී

(UTV | යාපනය ) – අද(16) පෙරවරුවේ පුදුකුඩිඉරිප්පු පොලිස් වසමේ මුත්තියන්කට්ටු රක්ෂිතයේ ගවේෂණ චාරිකාව යෙදී සිටිය දී අතරමන් වු යාපනය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය සිසුන් 9 දෙනා සොයා ගෙන තිබේ.

ඔඩ්ඩුසුඩාන් පොලීසිය විසින් ඊයේ (15) දිනයේ දී මෙම සිසුන් රක්ෂිතයේ අතරමන් වී ඇති බවට බවට ලද තොරතුරක් මත සෝදිසි මෙහෙයුමක් දියත් කරනු ලැබීය.

පොලීසිය, ප්‍රදේශවාසීන් හා ශ්‍රී ලංකා යුද හමුදාවේ 64 වන බලසේනා මුලස්ථානයේ භට පිරිස්වල සහය ඇති ව මෙම සිසුන් නිරුපද්‍රිතව අද පෙරවරුවේ මුදාගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.

පසුව අදාළ සිසුන් ඔඩ්ඩුසුඩාන් පොලිස් ස්ථානය වෙත රැගෙන විත් තිබේ.

Related posts

පොහොට්ටුවේ, හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක්ට පහරදීමක්

Editor O

පාසල් වෑන් රථ ගාස්තුත් ඉහළට..

Mohamed Dilsad

අත්‍යවශ්‍ය සේවා සඳහා යන පුද්ගලයින්ට රාජකාරි හැඳුනුම්පතට අමතරව ආයතනයේ ලිපිය අවශ්‍යයි

Mohamed Dilsad

Leave a Comment