දේශීය

මුත්තියන්කට්ටු රක්ෂිතයේ අතරමන් වු වෛද්‍ය සිසුන් සොයාගනී

(UTV | යාපනය ) – අද(16) පෙරවරුවේ පුදුකුඩිඉරිප්පු පොලිස් වසමේ මුත්තියන්කට්ටු රක්ෂිතයේ ගවේෂණ චාරිකාව යෙදී සිටිය දී අතරමන් වු යාපනය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය සිසුන් 9 දෙනා සොයා ගෙන තිබේ.

ඔඩ්ඩුසුඩාන් පොලීසිය විසින් ඊයේ (15) දිනයේ දී මෙම සිසුන් රක්ෂිතයේ අතරමන් වී ඇති බවට බවට ලද තොරතුරක් මත සෝදිසි මෙහෙයුමක් දියත් කරනු ලැබීය.

පොලීසිය, ප්‍රදේශවාසීන් හා ශ්‍රී ලංකා යුද හමුදාවේ 64 වන බලසේනා මුලස්ථානයේ භට පිරිස්වල සහය ඇති ව මෙම සිසුන් නිරුපද්‍රිතව අද පෙරවරුවේ මුදාගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.

පසුව අදාළ සිසුන් ඔඩ්ඩුසුඩාන් පොලිස් ස්ථානය වෙත රැගෙන විත් තිබේ.

Related posts

ඕනෑම වෙලාවක මැතිවරණයකට සූදානම් – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

Editor O

පානදුරේදී හදිසියේ වෑන් රථයක් ගිනි ගනී

Mohamed Dilsad

හිටපු ජනාධිපති චන්ද්‍රිකා නිල නිවසින් යයි

Editor O

Leave a Comment