දේශීය

ශානිගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්

(UTV | කොළඹ ) – අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර විසින් සිය වැඩ තහනම් කිරීමට සහ ස්ථාන මාරු කිරීම් සිදු කිරීමට ජාතික පොලිස් කොමිසම ගත් තීරණය අවලංගු කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස වැඩ බලන පොලිස්පතිවරයා, ආරක්ෂක ලේකම්වරයා, මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඇතුළු කොමිසමේ සාමාජිකයින්, ජාතික පොලිස් කොමිසමේ සභාපතිවරයා ඇතුළු එම කොමිසමේ සාමාජිකයින් සහ නීතිපතිවරයා ඇතුළු 17 දෙනෙකු නම් කර ඇත.

Related posts

සිසුවියට අසභ්‍ය දර්ශන යැවූ ගුරුවරයා අත්අඩංගුවටතඹුත්තේගම ප්‍රසිද්ධ පාසලක 14 හැවිරිදි පාසල් සිසුවියකට වට්ස්ඇප් මඟින් අසභ්‍ය දර්ශන හා පණිවුඩ යැවූ එම පාසලේම ගුරුවරයෙක්ව අත්අඩංගුවට ගෙන තිබේ. අදාළ සිසුවියගේ දෙමාපියන් විසින් පරිවාස කාර්යාලය වෙත කළ පැමිණිල්ලකින් අනතුරුව පොලීසිය විසින් එම ගුරුවරයාව සැකපිට ඊයේ (30) අත්අඩංගුවට ගෙන ඇත. 44 හැවිරිදි තඹුත්තේගම ප්‍රදේශයේ පදිංචි එම ගුරුවරයාව අද (31) තඹුත්තේගම මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Mohamed Dilsad

පේරාදෙණිය මල්වත්ත ජලයෙන් යටවෙයි

Editor O

ජලාශ කළමනාකරණය ට පළපුරුදු නිලධාරීන් අඩුවීම, සුළි කුණාටුවෙන් වූ හානිය ඉහළ යෑමට හේතුවක් – හිටපු ඇමති පාඨලී

Editor O

Leave a Comment