දේශීය

අම්පාර පොලිස් ගරාජයේ OIC ගෙන් තවදුරටත් ප්‍රශ්න කෙරේ

(UTV | අම්පාර) – අම්පාර ප්‍රදේශයේදී ඊයේ අත්අඩංගුවට ගත් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාගෙන් කොළඹ අපරාධ කොට්ඨාශය විසින් තවදුරටත් රඳවාගෙන ප්‍රශ්න කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා පවසයි.

පාස්කු ප්‍රහාරයට සමගාමීව පසුගිය වසරේ අප්‍රේල් මස 26 වන දින සයින්දමරදු ප්‍රදේශයේ සිදුවූ පිපිරීමට අදාළ සාක්ෂි සැගවීම සම්බන්ධයෙන් ඔහුව අත්අඩංගුවට ගනු ලැබීය.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී මෙම ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා අම්පාර පොලිස් ගරාජයේ ස්ථානාධිපති ලෙස කටයුතු කළේය.

Related posts

මානව හිමිකම් කොමිසම විමර්ශනයට කන්දකාඩු යයි

Mohamed Dilsad

තද වැසි සමඟ නාය යෑමේ අනතුරු ඇඟවීම්

Mohamed Dilsad

රෝහලට ඇතුළත් කළ බිළිඳාගේ මරණය ගැන සැකයක්

Mohamed Dilsad

Leave a Comment