ව්‍යාපාරික

ශ්‍රී ලංකාවට ඇගැයුම් ක්‍රියාවලියේ ප්‍රමුඛ ස්ථානයක් -ICTA

(UTV | කොළඹ) – අන්තර්ජාතික ඊ – රාජ්‍ය සංවර්ධන ඇගැයුම් ක්‍රියාවලියේ උප කලාපීය ප්‍රමුඛ ස්ථානය ශ්‍රී ලංකාවට හිමිව ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ධරණීය සංවර්ධනය පිළිබද 2020 ඊ-රාජ්‍යය සමීක්ෂණ වාර්ථාව මේ බව තහවුරු කරන බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA ) පවසයි.

ඊ – රාජ්‍ය සංවර්ධන ක්‍රියාවලිය රටක සංවර්ධනයේ කැඩපතක් ලෙස සැලකේ.මෙම වාර්ථාව පෙන්වා දෙන ආකාරයට ලෝකයේ අනෙකුත් රටවල් හා සංසංදනය කිරීමේදී ශ්‍රී ලංකාව 94 වන ස්ථානයේ සිට 85වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට හැකිවී තිබේ.

ඊ -රාජ්‍ය සංවර්තන ක්‍රියාවලියට අදාල මූලෝපායයික වැඩ සටහන් ක්‍රියාත්මක කිරීම ඊ -රාජ්‍ය ප්‍රතිපත්ති සැකසීම හා ක්‍රියාත්මක කිරීම තුළින් රාජ්‍ය අංශය වඩාත් ඵලදායී හා පුරවැසි හිතකාමී ලෙස රාජ්‍ය සේවාවන් ඉලෙක්ට්‍රොනිකව ලබා දීම සඳහා ඩිජිටල් තාක්‍ෂණය යොදා ගැනීම මේ වන විටත් ක්‍රියාත්මක වෙමින් පවතී.

ශ්‍රී ලංකාවේ ඩිජිටල් සංවර්ධන ක්‍රියාවලිය හා සම්බන්ධ සියළු කටයුතු ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) මගින් ක්‍රියාවට නන්වයි.

එමගින් ක්‍රියාවට නංවා තිබෙන රාජ්‍ය අංශයේ ඊ- සේවාවන් හා රාජ්‍ය බිහිදොර වැනි අන්තර්ජාල සේවාවන් හි වර්ධනය මෙම ඇගයීමට හේතු වී තිබේ. එමෙන්ම මෙරට ඩිජිටල් සේවාවන්ට අදාළ යටිතල පහසුකම් හා මානව සම්පත් සංවර්ධනය කෙරෙහි ද මෙම විමර්ශනයේ අවධානය යොමු වී තිබේ.

එක්සත් ජාතීන්ගේ 2020 ඊ- රාජ්‍ය වාර්ථාව මගින් ලබා දී ඇති මෙම ඇගැයුම ඉදිරි ඩිජිටල් සංවර්ධන කටයුතු සදහා වූ මුල්‍යඋපායික සැලසුම් සදහා අතිශයින් වැදගත් වන බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය පවසයි.

 

Related posts

කොටස් වෙළඳපොලේ මිල දර්ශකය ඉහළට

Mohamed Dilsad

කිරිපිටි අද සිට ඉහළට

Mohamed Dilsad

මත්ස්‍ය නිෂ්පාදනය ඉහළ නැංවීමට සැලසුම්

Mohamed Dilsad

Leave a Comment