දේශීය

උ/පෙළ සහ ශිෂ්‍යත්ව විභාගයේ දින අද ප්‍රකාශයට

(UTV | කොළඹ ) – අද (14) අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සහ ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන දින වකවානු ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

පවතින කොරෝනා තත්ත්වයන් සැලකිල්ලට ගෙන දින වකවානු තීරණය කරන බව එහි රාජ්‍ය ලේකම් රංජිත් චන්ද්‍රසේකර සඳහන් කළේය.

දැනට වසා දමා ඇති පාසල් යළි විවෘත කිරීම කල් යාමේ අවදානමක් ඇතිවුවහොත් උසස් පෙළ විභාගය පැවැත්වීම තවදුරටත් කල් යා හැකි බව ද ඔහු පැවසුවේ ය.

ශිෂ්‍යත්ව විභාගය හා උසස් පෙළ විභාගය එකවර පැවැත්වීමට දැනට තීරණය කර ඇති බව රාජ්‍ය ලේකම්වරයා සඳහන් කළේය.

එහෙත්, පාසල් ආරම්භය යළි ප්‍රමාද වුවහොත් ශිෂ්‍යත්ව විභාගය වෙනම පැවැත්වීමට සැලසුම් කර ඇතැයි රංජිත් චන්ද්‍රසිරි පැවසුවේ ය.

මේ අතර පාසල් යළි විවෘත කිරීම සම්බන්ධයෙන්, ලබන සිකුරාදා කොරෝනා මර්දන කාර්ය සාධන බලකාය සමග යළි සාකච්ඡා කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේය.

පාසල් විවෘත නොකරන්නේ නම් නිවෙස්හි සිට සිසුන්ට අධ්‍යාපන කටයුතු කළ යුතු උපදේශන මාලාවක් ගුරුවරුන් වෙත නිකුත් කිරීමට පියවර ගන්නා බව එහි රාජ්‍ය ලේකම් රංජිත් චන්ද්‍රසිරි සඳහන් කළේය.

Related posts

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 70 වන සංවත්සරය අද

Mohamed Dilsad

කොරෝනා රෝගීන්ගෙන් සුවය ලැබූ පිරිස ඉහළට

Mohamed Dilsad

මිලාන් හි කොන්සල් කාර්යාලයේ සේවා යළි ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment