දේශීය

මාලදිවයින සිට ලාංකිකයන් පිරිසක් මත්තලට

(UTV | කොළඹ ) – මාලදිවයින තුළ රැකියා සදහා ගොස් යළි ශ්‍රී ලංකාවට පැමිණිමට නොහැකිව එරට රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 178 දෙනෙකු මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

මොවුන් මාලදිවයිනට අයත් දූපත් වල සංචාරක හෝටල් කිහිපයක සේවය කරමින් සිටි ශ්‍රී ලාංකිකයන් පිරිසක් බව සඳහන් වේ.

මෙම ගුවන් මගීන් පිරිස පස්වරු 1.30 ට පමණ මාලේ ගුවන් තොටුපළේ සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්. 4102 දරන විශේෂ ගුවන් යානයෙන් මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබිණි.

ඔවුන් මත්තල ගුවන් තොටුපළේදී පී.සී.ආර්. පරීක්ෂණවලට ලක් කර තිබේ.

Related posts

වස විස නොමැති ආහාර වලට ඇති ඉහළ ඉල්ලුම සපුරාලීම සඳහා කාබනික ගොවිතැන ව්‍යාප්ත වේ

Mohamed Dilsad

අදත් ගිගුරුම් සහිත වැසි

Mohamed Dilsad

සම්බුදු තෙමගුල සමරමින්, වෙසක් දන්සල් 8,000ක් රට පුරා

Editor O

Leave a Comment