දේශීය

බස් රථ තුළ වෙළෙඳාම තහනම්

(UTV | කොළඹ ) – ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර විසින් කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් සියලුම පුද්ගලික හා ලංගම බස් රථ තුළ සිදු කෙරෙන විවිධ අලෙවි කිරීම් වහාම නැවැත්වීමට පියවර ගන්නැයි ජාතික ගමනාගමන කොමිසම හා ලංකා ගමනාගමන මණ්ඩලයට උපදෙස් දී තිබේ.

ඇතැම් ජංගම වෙළෙඳුන් විසින් සෞඛ්‍යාරක්ෂිත පිළිවෙත් අනුගමනය නොකරමින් කටයුතු කරන බවට මහජනතාව විසින් ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශයට පැමිණිලි කර ඇත.

ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් පසුගිය මාර්තු මාසයේ සිට ම දුම්රියවලට ජංගම අලෙවිකරුවන් ඇතුල්වීම තහනම් කරනු ලැබීය.

මෙවැනි වෙළඳුන් හේතුවෙන් කොවිඩ් 19 වසංගත තත්ත්වය ව්‍යාප්ත වීමට ඇති ඉඩකඩ ඉහළ බව පෙනී යන බැවින් මෙම තීරණය ගෙන තිබේ.

Related posts

ජාත්‍යන්තර මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේ මීටර් 600 ආසියාතික වාර්තාව තරුෂි කරුණාරත්න සතුවෙයි.

Editor O

දේශබන්දු තෙන්නකෝන්ගේ බිරිඳගෙන් ප්‍රකාශයක් ගනී

Editor O

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් ධූරයට කුෂානි රෝහණධීර

Mohamed Dilsad

Leave a Comment