දේශීය

යාපනයේ කල්ලි සාමාජිකයින්ට අනතුරු ඇඟවීමක්

(UTV |යාපනය) –  යාපනය හා අරියාලෙයි යන ප්‍රදේශවල ස්ථාන කිහිපයක  අවවාදාත්මක දැන්වීම් අලවා ඇති බව වාර්තා වේ.

ඒ යාපනය ප්‍රදේශයේ සිදුවු මනුෂ්‍ය ඝාතන කිරීම්, මංකෝල්ලකෑම් හා කපා කොටා දැමීමේ සිදුවීම් නවතා දැමිය යුතු බවට සඳහන් කරමිනි.

මෙහි “ආදරණීය දෙමළ ජනතාවනි” යනුවෙන් සඳහන් කරමින් අදාළ දැන්වීම අලවා ඇති අතර, දැන්වීම අවසානයේ N.G.T යනුවෙන් සඳහන්කර ඇති  බව යාපනය ආරක්ෂක අංශ පවසයි.

පසුගිය වසර කිහිපය තුළ යාපනය ප්‍රදේශයේ ඝාතනයන්,මංකොල්ලකෑම්,සිදු විය .

ඉදිරියට එම ක්‍රියාවන් නවතා දැමිය යුතු බවට මෙම දැන්වීමේ සඳහන් අතර මින් ඉදිරියට එවැනි ක්‍රියාවන් සිදුනොවී දෙමළ ජනතාවට සතුටින් හා නිදහසේ ජීවත්වීමට අවස්ථාව සළසන බවත් එහි සඳහන්ව තිබේ.

මෙය යාපනයේ ක්‍රියාත්මක ආවා කල්ලිය, වික්ටර් කල්ලිය, අජිත් කල්ලිය, ධනු රොක් කල්ලිය වැනි කල්ලි සාමාජිකයින් වෙත අවවාදයක් ලබාදෙමින් අදාළ දැන්වීම අලවා ඇති බව යාපනය ආරක්ෂක සැක පළකරයි.

Related posts

ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ බෙල්ලන – උතුරු කොළඹ එජාප ආසන සංවිධායක ධූරයට.

Editor O

මතට ඇබ්බැහිවූවන්ට දුරකථනයෙන් උපදේශන සේවාවක්

Mohamed Dilsad

ඉන්ධන බදු ඉවත් කරන්නැයි බලශක්ති ඇමති මුදල් ඇමතිගෙන් ඉල්ලයි

Mohamed Dilsad

Leave a Comment