දේශීය

කන්දකාඩුවේ උපදේශකයෙකුටත් කොරෝනා – ළමුන් 70ක් ඇතුළු 300ක් නිරෝධායනයට

(UTV | කෝවිඩ්-19) – කන්දකාඩු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වුවන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ තවත් අයෙකුට කොවිඩ්-19 ආසාදනය වී ඇති බව වාර්තා වේ.

රාජාංගණය ප්‍රදේශයේ පදිංචි කන්දකාඩු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වුවන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශකයෙකු ලෙස සේවය කළ අයෙකුට වෛරසය ආසාදනය වී ඇති බවට වාර්තා වේ.

මේ අතර අදාළ ආසාදිතයා හඳුනාගත් රාජාංගණය ප්‍රදේශයේ පුද්ගලයින් 300 දෙනෙකු නිරෝධායනය සඳහා යොමු කර ඇත.

ඒ අතර ළමුන් 70 දෙනෙකු ද සිටින බව වාර්තා වේ.

Related posts

නිව් ඩයමන්ඩ් නෞකාවේ ගින්න නිවා දැමේ

Mohamed Dilsad

කොරෝනා රෝගයෙන් සුවය ලැබූ පිරිස 104 දක්වා ඉහළට

Mohamed Dilsad

ලංකාවේ කර්මාන්ත සංවර්ධනයට යුරෝපා සංගමයෙන් ආධාරයක්

Mohamed Dilsad

Leave a Comment