දේශීය

මත්පෙති සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

(UTV | කොළඹ ) – ගුවන් මගින් මෙරටට එවා තිබූ එක්ස්ටසි මත්පෙති කිලෝග්‍රෑම් 03 කට ආසන්න ප්‍රමාණයක් කටුනායක ප්‍රදේශයේදී රේගු නිලධාරීන් භාරයට ගෙන තිබේ.

ප්‍රංශයේ සිට කූරියර් සේවාවක් මගින් මෙම මත්පෙති තොගය එවා ඇති අතර, ඒ සම්බන්ධයෙන් සැකකරුවෙකුද අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වේ.

පෞද්ගලික කූරියර් සමාගමක් හරහා එවා තිබූ පාර්සලයක් පිළිබඳව පළ වූ සැකයක් මත රේගු නිලධාරීන් එය පරීක්ෂා කිරීමේදී එහි ව්‍යාජ පතුලක සඟවා තිබූ මෙම මත්පෙති තොගය සොයාගෙන ඇත.

Related posts

සියලු පාසල් සඳහා ශරීර උෂ්ණත්වය මැනීමේ උපකරණ

Mohamed Dilsad

සිරිකරුවන් නැරඹීම සඳහා ඇති ක්‍රමවේදය යථාවත් කිරීමේ සූදානමක්

Mohamed Dilsad

දහම් පාසල් විවෘත කිරීමට සැළසුම්

Mohamed Dilsad

Leave a Comment