දේශීය

නියෝජ්‍ය කථානායකවරයාගේ ඉල්ලා අස්වීම ජනපති ප්‍රතික්ෂේප කරයි

(UTV | කොළඹ) – පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම සඳහා නියෝජ්‍ය කථානායක ධූරයෙන් ඉවත් නොවන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් රංජිත් සියඹලාපිටිය මහතා වෙත දැනුම් දී තිබේ.

ඊයේ (05) දිනයේ දී ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමුකරමින් තමා නියෝජ්‍ය කථානායක ධූරයෙන් ඉල්ලා අස්වන බවට කළ දැනුම්දීමට පිළිතුරු ලෙස ජනාධිපතිවරයා එම දැනුම්දීම සිදුකර ඇත.

නියෝජ්‍ය කථානායක ධූරය ස්වාධීන තනතුරක් බැවින් මේ මොහොතේ පාර්ලිමේන්තුවේ කටයුතු පවත්වාගෙන යෑම අත්‍යාවශ්‍ය කරුණක් බවත් ඒ අනුව ධූරයෙන් ඉවත් වීමට කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බවත් ජනාධිපතිවරයා සඳහන් කර තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පාර්ලිමේන්තුවේ දී ස්වාධීන කණ්ඩායමක් ලෙස කටයුතු කිරීමට ගත් තීරණය අනුව රංජිත් සියඹලාපිටිය මහතා නියෝජ්‍ය කථානායක ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව ජනාධිපතිවරයා වෙත දැනුම්දී තිබුණි.

Related posts

අනුර දිසානායකගේ ආණ්ඩුවක් තුළම මහින්ද රාජපක්ෂ නිදොස්කොට නිදහස් කර ගැනීම වෙනුවෙන් සටන් කරනවා : අපි අනුරට බය නැහැ – නාමල් රාජපක්ෂ

Editor O

ඉදිරි සති කිහිපය පිලිබඳ යාපනයේ ජනතාවට අවවාදයක්

Mohamed Dilsad

මාලිමා මන්ත්‍රීවරිය කොස්ගොඩ සුජීගේ ඥාතියෙක්

Editor O

Leave a Comment