Trending Newsඑසැන පුවත්දේශීය

අනුර දිසානායකගේ ආණ්ඩුවක් තුළම මහින්ද රාජපක්ෂ නිදොස්කොට නිදහස් කර ගැනීම වෙනුවෙන් සටන් කරනවා : අපි අනුරට බය නැහැ – නාමල් රාජපක්ෂ

ජනාධිපති අනුර දිසානායක මහතාට පුදුකුඩිඉරුප්පුවේ මැතිවරණ රැළියකට ගොස් මහින්ද රාජපක්ෂ මහතාට බැනවැදීමට හැකිවී ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතා විසින් යුද්ධය අවසන් කර පුදුකුඩිඉරුප්පු යාමට මහාමාර්ග ද සාදා දුන් නිසා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි. නුගේගොඩ දී ඊයේ පැවැති පොහොට්ටුවේ මැයි දින රැළියේදී හෙතෙම ඒ් බව කීවේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා මෙසේ ද කීවේය. “අපි යුද්ධය අවසන් කරපු නිසා තමයි අද අනුර කුමාර දිසානායක අතිගරු ජනාධිපතිතුමාට පුදුකුඩිඉරුප්පුවලට ගිහිල්ලා වේදිකාවක් හදලා තමන්ගෙ පක්ෂයේ රැස්වීමක් තියලා මහින්ද රාජපක්ෂට බනින්න පුළුවන් වෙන්නෙ. යුද්ධෙ ඉවර කළා විතරක් නෙවෙයි, යන්න පාරත් හදලා දුන්නා. අපි වැඩ කරනකොට ඒ වැඩ ඉවසන් ඉන්න බැරි පිරිසක් හිටියා මේ රටේ. පාර හදනකොට ඒ පාරෙන් හොරකම් කළා කිව්වා. ඇයි ඒ ? අපේ රටේ සමහර දේශපාලනඥයින් සහ දේශපාලන පක්ෂවල ප්‍රතිපත්තියත් එක්ක වැඩ කරන්න බැරිවෙනකොට ඔවුන් උත්සාහ කරනවා ප්‍රතිවිරුද්ධ දේශපාලනඥයාට මඩ ගහලා චරිතය ඝාතනය කරන්න. අපිත් සමහර ඒවාට උත්තර දුන්නෙ නෑ, ඔව්. අපි හිතුවා අපට ඒ හැම පොඩි දේටම උත්තර දෙනවාට වඩා අපට වැඩ තිබ්බා. මං අදටත් මගේ පෞද්ගලික ජීවිතයෙත් මං ඒකට සටන් කරනවා, අනුර කුමාර දිසානායක මහතාගේ ආණ්ඩුවක් තුළම මහින්ද රාජපක්ෂ නිදොස්කොට නිදහස් කරගැනීමේ බලාපොරොත්තුව පෙරදැරි කරගෙන තමයි මේ මැයි දිනය වගේම මැතිවරණය මෙහෙයවන්නේ කියන එක මතක් කරන්න ඕනෙ. මම විශ්වාස කරනවා අනුර කුමාර දිසානායක මහතාගේ ආණ්ඩුවක් ඇතුළෙම මගේ තාත්තා නිදොස්කොට නිදහස් වෙනවා. අපිට වැඩිපුර ගහන්නෙ ඇයි ? අතිගරු ජනාධිපතිතුමනි ඔබතුමා අපට බය වුණාට අපි ඔබතුමාට බය නැහැ කියන එකත් මේ වේදිකාවේ ඉඳන් මම ඔබතුමාට මතක් කරනවා” යැයි ද කීවේය.

Related posts

Magnitude 7.8 quake hits off Russia’s Kamchatka

Mohamed Dilsad

Milk powder prices increased as per newly-introduced pricing formula

Mohamed Dilsad

பியல் நிஷாந்த குற்றப்புலனாய்வு திணைக்களத்தில் முன்னிலை

Mohamed Dilsad

Leave a Comment