දේශීයප්‍රමුඛ පුවත 2

රාජ්‍ය ආයතන තුළ ඡන්ද ප්‍රචාරණ තහනම් කරයි

(UTV | කොළඹ) – එළඹෙන මහ මැතිවරණය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරන්නේ කිසිඳු රාජ්‍ය, සංස්ථා, ව්‍යවස්ථාපිත ආයතනයක මැතිවරණය සඳහා තරග වදින අපේක්ෂකයන් වෙනුවෙන් ඡන්දය ආයාචනා කිරීමේ අත්පත්‍රිකා බෙදීම සහ රැස්වීම් පැවැත්වීම තහනම් බවයි.

පළාත් සභා කාර්යාල සහ පළාත්පාලන ආයතනද ඊට ඇතුළත් වන අතර , මේ සම්බන්ධයෙන් දේශපාලනඥයින් හෝ දේශපාලන ක්‍රියාකාරීන් මෙන්ම වෘත්තිය සමිති ක්‍රියාකාරීන් අවධානය යොමු කළ යුතු බව ද එම නිවේදනයේ සඳහන්.

මේ වන විට මැතිවරණ කොමිසන් සභාවට මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ පැමිණිලි 2084 ක් වාර්තාවී තිබෙන බව ද එම කොමිෂන් සභාව වැඩිදුරටත් පවසා සිටියි.

Related posts

රාජ්‍ය සේවකයින්ටත් අයවැයෙන් සහන

Mohamed Dilsad

2024 වසරේ පළමු කාර්තුව තුළ කොළඹ වරාය ඇමෙරිකානු ඩොලර් මිලියන 50ක ආදායමක් උපයයි

Editor O

කප්රුක සමාගම 2024ට සාපේක්ෂව 94%ක මෙහෙයුම් කාර්යසාධන වර්ධනයක් වාර්තා කරයි

Editor O

Leave a Comment