දේශීය

අණ නොතැකූ ත්‍රීරෝද රථයට පොලීසියෙන් වෙඩි

(UTV | කොළඹ ) – පොලිසිය විසින් පොලිස් අණ නොතකා ධාවනය කළ ත්‍රීරෝධ රථයකට අනුරාධපුර රාජංගනය ප්‍රදේශයේදී වෙඩි තබා තිබේ.

මෙලෙස නොච්චියාගම සිට රාජාංගනය දෙසට ගමන් කළ ත්‍රීරෝධ රථයකටයි පොලිසිය වෙඩි තබා ඇත.

ඊයේ රාත්‍රියේ මෙම ත්‍රීරෝධ රථය නවතා පරීක්ෂා කිරීමට පොලිසිය උත්සහ කල අවස්ථාවේදි එය ධාවනය කළ සැකකරුවන් ඊට අවනත වී නොමැත.

ඒ අනුව පොලිස් නිළධාරින් ත්‍රීරෝධ රථයේ පසුපස රෝදයට වෙඩි තබා තිබේ.

පොලිසිය සදහන් කලේ වෙඩි ප්‍රහාරයට ලක්වු අදාල ත්‍රීරෝධ රථය අතුරු මාර්ගයක තිබි හමුවී ඇතත් සැකකරුවන් පළාගොස් ඇති බවයි

මෙම සැකකරුවන් කිසියම් අපරාධයක් කිරීමට හෝ අපරාධයක් සිදුකර පළා යන පුද්ගලයන්ද යන්න සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමට රාජාංගණය පොලිසිය වැඩිදුර විමර්ශන මෙහෙයවයි.

Related posts

ඥානසාර හිමිට මාස නවයක ලිහිල් සිර දඬුවමක්

Editor O

පොහොට්ටුවේ හම්බන්තොට ප්‍රසිද්ධ රැස්වීම් සීමා කිරීමට පියවර

Mohamed Dilsad

මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව තවත් ඉහළට [UPDATE]

Mohamed Dilsad

Leave a Comment