විදෙස්

ලොව මෙතෙක් සිදුකරනු ලැබූ විශාලතම මත්ද්‍රව්‍ය වැටලීම

(UTV |ඉතාලිය)  – ලොව මෙතෙක් සිදුකරනු ලැබූ විශාලතම මත්ද්‍රව්‍ය වැටලීම ඊයේ සිදු කර තිබේ.

ඒ ඉතාලියෙනි.

මෙහිදී මෙටි‍්‍රක් ටොන් 14 ක මත්පෙති සොයා ගැනුණි.

එරට පොලිසිය විසින් සලේනෝ වරායේ කන්ටේනර් තුනක අසුරා තිබියදී මේවා සොයා ගැනුණි.

කාඩ් බෝඩ්වලින් සකසන ලද සිලින්ඩරාකාර බහලුම් තුළ මත්පෙති මිලියන 84 ක් අසුරා තිබූ බව විදෙස් වාර්තා සඳහන් කළේය.

සිරියාවේ ක්‍රියාත්මක IS ත්‍රස්තයන් විසින් මේවා ඉතාලියට එවා ඇති බවට එරට පොලීසිය සැක කරන අතර, එහි වටිනාකම ඩොලර් බිලියන 1.2 කි.

Related posts

ජපාන නෞකාවේ නිරෝධායන කටයුතු අවසන්

Mohamed Dilsad

කොරෝනා ව්‍යාප්තිය වැළැක්වීමට ෆින්ලන්තය දේශ සීමා නීතී දැඩි කරයි

Mohamed Dilsad

ෆේස්බුක් සමාගම් නාමය මෙටා ලෙස වෙනස් කරයි

Mohamed Dilsad

Leave a Comment