විදෙස්

තවත් වසංගතයක් ගැන චීනයෙන් අනතුරු ඇඟවීම්

(UTV | චීනය) –  කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය කෙමෙන් අවම මට්ටමකට පත්වෙද්දී තවත් වසංගතයක් බවට පත්විය හැකි නව සූකර උණ කාණ්ඩයක් චීන විද්‍යාඥයන් පිරිසක් විසින් සොයාගැනීමට සමත්ව ඇත.

G4 (ජී ෆෝ) ලෙස නම් තබා ඇති එය ඌරන් ආශ්‍රිතව ව්‍යාප්ත වන්නක් වන අතර 2009 දී පැතිර ගිය H1N1 වෛරසයට සමානතාවයක් දක්වන බවට ඔවුන් විසින් තොරතුරු අනාවරණය කරගෙන තිබේ.

මිනිසුන්ට වැළඳීමට හැකි සෑම ලක්ෂණයකින්ම මෙම වෛරසය සමන්විත බව ද එම චීන විද්‍යාඥයන් විසින් සඳහන් කරයි.

2011 වසරේ සිට 2018 වසර දක්වා චීනයේ ප්‍රාන්ත 10 ක සූකර ඝාතකාගාරවල ඌරන්ගෙන් ලබාගත් සාම්පල අධ්‍යයනය කිරීමෙන් අනතුරුවයි මෙම පරීක්ෂණ වාර්තා එළිදක්වනු ලැබුවේය.

Related posts

චීනයෙන් නව කුරුළු උණක් – පළමු ආසාදිතයාත් වාර්තා වෙයි

Mohamed Dilsad

යුක්රේන අර්බුදය සම්බන්ධයෙන් පැවැත්වෙන රුසියා , ඇමෙරිකා සමුළුව අනිද්දා

Mohamed Dilsad

ජීවන වියදම ඉහළ යෑමට එරෙහිව ඉරානයේ විරෝධතා | හයක් මරුට | විශාල පිරිසක් තුවාල ලබයි

Editor O

Leave a Comment