ඉරානයේ ජීවන වියදම් ඉහළ යෑම සම්බන්ධයෙන් රටේ විවිධ පළාත්වල විරෝධතා හේතුවෙන් පුද්ගලයන් හය දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇතැයි විදේශ මාධ්‍ය සඳහන් කරයි.
ටෙහෙරානයට කිලෝමීටර් 300ක් (සැතපුම් 185ක්) නිරිත දෙසින් පිහිටි ලොරෙස්ටාන් පළාතේ අස්නා නගරයේ පැවති විරෝධතාවලදී අවම වශයෙන් පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් තවත් 17 දෙනෙකු තුවාල ලබා ඇති අතර චාර්මහාල් සහ බක්තියාරි පළාත්වලද විරෝධතා හේතුවෙන් තවත් දෙදෙනෙකු මියගොස් ඇතැැැැද විදේශ මාධ්‍ය පෙන්වා දෙයි.
ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් විසින් පනවන ලද සම්බාධක හේතුවෙන් ඉරානයේ උද්ධමනය 40%කින් ඉහළ ගොස් ඇති අතර ඉතිහාසයේ කවරදාටත් වඩා ඩොලරයට සාපේක්ෂව එරට මුදල් ඒකකය විශාල වශයෙන් අවප්‍රමාණ වී ඇත.
