දේශීය

සංචාරක කර්මාන්තය වැඩි දියුණු කිරීම ගැන විශේෂ සාකච්ඡාවක්

(UTV |කොළඹ) – ඉදිරියේදී සංචාරක කර්මාන්තය නංවාලීම සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් අද(29) කොළඹදී පැවැත්වේ.

මෙම සාකච්ඡාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය, එක්සත් ජාතීන්ගේ සංවර්ධන ආයතනය, ලෝක බැංකුව,  යුරෝපා සංගමය,  ආසියානු සංවර්ධන බැංකුව ඇතුලු සංචාරක ක්ෂේත්‍රයට ආධාර දෙන ආයතන සන්භාගී වනු ඇත.

සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම සාකච්ඡාවට සංචාරක අමාත්‍යංශයේ හා සංචාරක සංවර්ධන අධිකාරියේ ඉහල පෙළේ නිළධාරින්ද සහභාගී වීමට නියමිතය.

කොරෝනා වසංගතයෙන් පසු සංචාරක ආයෝජන වැඩි කිරිමේ හැකියාව, සංචාරක කේෂත්‍රයට සම්බන්ධ සුලු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ ගැටලු විසදීම පිළිබද මෙහිදි අවධානය යොමු කෙරෙනු ඇත.

 

Related posts

මියන්මාරයේ දී අත්අඩංගුවට පත් ලාංකික ධීවරයින් 12දෙනා අද දිවයිනට

Mohamed Dilsad

තවත් ආසාදිතයන් පිරිසක් සුවය ලබා පිටව යයි

Mohamed Dilsad

ගෑස් කමිටුවේ විමර්ශන වාර්තාව ලබන සතියේ

Mohamed Dilsad

Leave a Comment