දේශීය

ඡන්ද පත්‍රිකා මුද්‍රණය අවසන් අදියරට

(UTV |කොළඹ ) – ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමේ කටයුතු මේ වනවිට අවසන් අදියරේ පවතින බව රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානි ලියනගේ පවසයි.

මේ වනවිට දිස්ත්‍රික්ක 16 ක ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර, මැතිවරණ කොමිසම වෙත භාර දී තිබේ.

කෙසේ වෙතත් සෙනසුරාදා දිනයේදී මහනුවර සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල ඡන්ද පත්‍රිකා කොමිසම වෙත භාරදීමට නියමිතව ඇති අතර, කොළඹ, ගම්පහ, කළුතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමේ කටයුතුද අවසන් වෙමින් පවතින බව මුද්‍රණාලයාධිපතිනි සඳහන් කළාය.

Related posts

රන්ජන් ඇප මත මුදාහැරේ

Mohamed Dilsad

සුපිරි අවන්හලේ සංවිධානය කළ ෆේස්බුක් සාදය

Mohamed Dilsad

වැඩි මිලට සහල් අලෙවි කරන්නන්ට එරෙහිව දැඩි පියවර

Mohamed Dilsad

Leave a Comment