දේශීය

ඡන්ද පත්‍රිකා මුද්‍රණය අවසන් අදියරට

(UTV |කොළඹ ) – ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමේ කටයුතු මේ වනවිට අවසන් අදියරේ පවතින බව රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානි ලියනගේ පවසයි.

මේ වනවිට දිස්ත්‍රික්ක 16 ක ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර, මැතිවරණ කොමිසම වෙත භාර දී තිබේ.

කෙසේ වෙතත් සෙනසුරාදා දිනයේදී මහනුවර සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල ඡන්ද පත්‍රිකා කොමිසම වෙත භාරදීමට නියමිතව ඇති අතර, කොළඹ, ගම්පහ, කළුතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමේ කටයුතුද අවසන් වෙමින් පවතින බව මුද්‍රණාලයාධිපතිනි සඳහන් කළාය.

Related posts

මැතිවරණ කොමිසමෙන් තැපැල් ඡන්ද අයදුම්පත් ගැන දැනුම්දීමක්

Mohamed Dilsad

ආගමන විගමන දෙපාර්තමේන්තුව ආරක්ෂක අමාත්‍යංශය යටතට

Mohamed Dilsad

ජංගම ගිණුමේ ශේෂය ඩොලර් මිලියන 281 කින් පහළට. වෙළඳ හිගය ඩොලර් මිලියන 321 කින් ඉහළට..

Editor O

Leave a Comment