දේශීය

ඡන්ද පත්‍රිකා මුද්‍රණය අවසන් අදියරට

(UTV |කොළඹ ) – ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමේ කටයුතු මේ වනවිට අවසන් අදියරේ පවතින බව රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානි ලියනගේ පවසයි.

මේ වනවිට දිස්ත්‍රික්ක 16 ක ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර, මැතිවරණ කොමිසම වෙත භාර දී තිබේ.

කෙසේ වෙතත් සෙනසුරාදා දිනයේදී මහනුවර සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල ඡන්ද පත්‍රිකා කොමිසම වෙත භාරදීමට නියමිතව ඇති අතර, කොළඹ, ගම්පහ, කළුතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමේ කටයුතුද අවසන් වෙමින් පවතින බව මුද්‍රණාලයාධිපතිනි සඳහන් කළාය.

Related posts

මීගමුවෙන් බෝට්ටුවෙන් ඔස්ට්‍රේලියා යන්න ගිය 47 ක් නාවික හමුදා භාරයට

Mohamed Dilsad

කොළඹ නගරයේ වාහන නැවතුම් ගාස්තු හෙට සිට ක්‍රියාත්මකයි [RELEASE]

Mohamed Dilsad

ව්‍යවසායකයන්ගේ ගැටළු ජනාධිපති හමුවී සාකච්ඡා කරන්න අවස්ථාවක්.

Editor O

Leave a Comment