දේශීය

පොලිස් නිලධාරීන් තිදෙනෙක් ගේ වැඩ තහනම්

(UTV | කොළඹ ) – නීතිවිරෝධී මත්පැන් ජාවාරම්කරුවෙකුගෙන් රුපියල් 60,000ක් අල්ලසක් ලබාගත් කෑගල්ල අරණායක පොලිසියේ නිලධාරීන් තිදෙනෙක් ගේ වැඩ තහනම්කර ඇති බව වාර්තා වේ.

උප පොලිස් පරීක්ෂකවරයෙක් සහ සැරයන්වරු දෙදෙනෙක් ගේ සේවය එසේ තහනම් කර ඇත.

මෙම නිලධාරීන් විසින් නීතිවිරෝධී මත්පැන් ජාවාරම්කරුවෙකු ත්‍රීරෝද රථයකින් නීතිවිරෝධී මත්පැන් බෝතල් 80ක් ප්‍රවාහනය කරමින් සිටින විට ඔවුන් අත්අඩංගුවට ගෙන තිබුණි.

එම නීතිවිරෝධී මත්පැන් ප්‍රමාණය අඩුවෙන් සටහන් කිරීමට ජාවාරම්කරුගෙන් ඔවුන් තිදෙනා රුපියල් 60,000ක් ලබාගෙන ඇතැයි වාර්තා වේ.

කෑගල්ල සහකාර පොලිස් අධිකාරී කාර්යාලය ඒ පිළිබඳ ව පරීක්ෂණ සිදුකරයි.

Related posts

රාජසන්තක කළ එතනෝල් ලීටර ලක්ෂයක් සෞඛ්‍ය අමාත්‍යාංශයට

Mohamed Dilsad

ගුවන් යානයේ පැමිණි කාන්තාවක්, ගුවන් නියමුවාගේ ගමන් බෑගයක් අරන් පනී.

Editor O

තුර්කි ගුවන් යානයක් කටුනායක දී අනතුරට

Mohamed Dilsad

Leave a Comment