දේශීය

අගමැති ඉතාලිය බලා පිටත්ව යයි

(UTV | කොළඹ) – අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉතාලියේ සංචාරයක් සඳහා අද (10) අලුයම දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ.

අග්‍රාමාත්‍යවරයා සමග තවත් 17 දෙනෙකු මෙම සංචාරය සඳහා එක්ව තිබේ.

අද අලුයම 03.15ට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ – 649 දරන ගුවන් යානයෙන් මුලින්ම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි වෙත පිටත්ව ගොස් එතැන් සිට වෙනත් ගුවන් යානයකින් ඉතාලිය වෙත ගමන් කිරීමට නියමිතය.

G20 අන්තර් ආගමික හා සංස්කෘතික ඉතාලි සමුළුව-2021 (G20 Interfaith Forum Italy-2021) ආරම්භක සැසියේ ප්‍රධාන දේශනය පැවැත්වීම සහ රාජතාන්ත්‍රික හමුවීම් පදනම් කරගනිමින් අග්‍රාමාත්‍යවරයා ඉතාලියේ සංචාරය සඳහා පිටත්ව ගොස් තිබේ.

Related posts

උතුරු මාර්ගයේ දුම්රිය කාලසටහනේ වෙනසක්

Mohamed Dilsad

අදත් පැය තුනක විදුලි කප්පාදුවක්

Mohamed Dilsad

මියගිය ස්ථානාධිපති ගැන පරීක්ෂණ තවදුරටත්

Mohamed Dilsad

Leave a Comment