දේශීය

පොලිස් නිලධාරීන් තිදෙනෙක් ගේ වැඩ තහනම්

(UTV | කොළඹ ) – නීතිවිරෝධී මත්පැන් ජාවාරම්කරුවෙකුගෙන් රුපියල් 60,000ක් අල්ලසක් ලබාගත් කෑගල්ල අරණායක පොලිසියේ නිලධාරීන් තිදෙනෙක් ගේ වැඩ තහනම්කර ඇති බව වාර්තා වේ.

උප පොලිස් පරීක්ෂකවරයෙක් සහ සැරයන්වරු දෙදෙනෙක් ගේ සේවය එසේ තහනම් කර ඇත.

මෙම නිලධාරීන් විසින් නීතිවිරෝධී මත්පැන් ජාවාරම්කරුවෙකු ත්‍රීරෝද රථයකින් නීතිවිරෝධී මත්පැන් බෝතල් 80ක් ප්‍රවාහනය කරමින් සිටින විට ඔවුන් අත්අඩංගුවට ගෙන තිබුණි.

එම නීතිවිරෝධී මත්පැන් ප්‍රමාණය අඩුවෙන් සටහන් කිරීමට ජාවාරම්කරුගෙන් ඔවුන් තිදෙනා රුපියල් 60,000ක් ලබාගෙන ඇතැයි වාර්තා වේ.

කෑගල්ල සහකාර පොලිස් අධිකාරී කාර්යාලය ඒ පිළිබඳ ව පරීක්ෂණ සිදුකරයි.

Related posts

ජනතාවගේ ජන ජීවිතය පිළිබඳව ජනපතිගෙන් සහතිකයක්

Mohamed Dilsad

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් යෝජනා කීපයක්

Mohamed Dilsad

එළඹෙන සඳුදා සිට ලංගම බස් 5,000 ක් සහ දුම්රිය 400 ක් නැවත සේවයට

Mohamed Dilsad

Leave a Comment