දේශීය

බස්නාහිර විශේෂ මෙහෙයුමකින් සැකකරුවන් රැසක් අත්අඩංගුවට

(UTV | කොළඹ ) – බස්නාහිර පළාත තුල සිදුකළ විශේෂ මෙහෙයුමකින් මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් තවත් සැකකරුවන් 372 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (22) අලුයම 06 සිට අද (23) අලුයම 05 දක්වා මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර ඇත.

මෙහිදී වැඩිම සැකකරුවන් පිරිසක් වන සැකකරුවන් 145ක් අත්අඩංගුවට ගෙන ඇත්තේ හෙරොයින් සන්තකයේ තබා ගැනීමේ චෝදනාවට අදාලවයි.

ගංජා ලග තබා ගත් සැකකරුවන් 60 ක් , නීති විරෝධි මත්පැන් හා ගෝඩා ළග තබා ගැනීම සම්බන්ධයෙන් සැකකරුවන් 131 ක් ද මේ අතර වේ.

අයිස් ඇතුලු වෙනත් මත්ද්‍රව්‍ය ලග තබා ගැනිම ඇතුලු චෝදනා මත සමග තවත් සැකකරුවන් 36 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Related posts

හොරණ වෙඩිතැබීමක්

Editor O

තුසිත හල්ලොලුව මහතා අධිකරණයට ඉදිරිපත් වෙයි

Editor O

සෞඛ්‍ය සේවකයින් දෙදෙනෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment