දේශීය

දිය නාමින් සිටි 13 හැවිරිදි පිරිමි දරුවෙක් ජීවිතක්ෂයට

(UTV | ගාල්ල) – ගාල්ල ගිං ගඟේ මෝය කටේ දිය නාමින් සිටි 13 හැවිරිදි පිරිමි දරුවෙක් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබේ.  

ඊයේ (22) සවස් කාලයේ දී තම මව , පියා හා සහෝදරිය සමග ඥාති නිවසකට පැමිණ දිය නෑමට ගොස් සිටියදී මෙම දරුවා මියගොස් ඇති බව පොලිසිය පවසයි.

පසුව දරුවා කරාපිටිය හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගොස් ඇති අතර , මෘත හරීරය කරාපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

Related posts

වී කිලෝග්‍රෑම් එකකට රජයෙන් සහතික මිලක්

Mohamed Dilsad

බස් ගාස්තුව දැනෙන්නම අඩු කරයි

Editor O

කොවිඩ් මැඩලීමට ස්වේච්ඡා බළකායක් පිහිටුවයි

Mohamed Dilsad

Leave a Comment