දේශීය

අමෙරිකාවේ සිට ලාංකිකයින් පිරිසක් දිවයිනට

(UTV | කොළඹ ) – අද (23) අලුයම එමිරේට්ස් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් අමෙරිකා එක්සත් ජනපදයේ , ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 217 දෙනෙකු රැගෙන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

මෙම ගුවන් මගීන් පිරිස ඇමෙරිකා එක්සත් ජනපදයේ සිට ශ්‍රී ලංකාවට පැමිණීමට ඍජු ගුවන් ගමන් පහසුකම් නොමැති බැවින් ඔවුන් ඩුබායි ගුවන් තොටුපළ වෙත පැමිණ, එතැන් සිට ශ්‍රී ලංකාව වෙත පැමිණ තිබුණි.

අද දින අලුයම 4.47 ට ඔවුන් ඩුබායි සිට පැමිණි එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ- 2528 දරන විශේෂ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

කටුනායක ගුවන් තොටුපළේ දී මෙම ගුවන් මගීන් පිරිස පී.සී.ආර්.පරීක්ෂණ සදහා ලක් කිරීම ද සිදු කෙරුණි.

Related posts

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම සහ ලෙජන්ඩ්ස් කණ්ඩායම අතර තරඟයක්

Mohamed Dilsad

නිව් ඩයමන්ඩ් නැවේ කපිතාන්ගෙන් ගත් ප්‍රකාශය අද අධිකරණයට

Mohamed Dilsad

හජ් උත්සවය වෙනුවෙන් මුස්ලිම් පාසල් නිවාඩු දෙන දිනයන් මෙන්න

Editor O

Leave a Comment