දේශීය

කරුණා අම්මාන්ගේ ප්‍රකාශය පිළිබඳව CID විමර්ශනයක් ඇරඹීමට නියෝග

(UTV| කොළඹ) – එල්.ටී.ටී.ඊ. සංවිධානයේ සාමාජිකයෙකු වශයෙන් සිටි සමයේ කරුණා අම්මාන් විසින් සිදුකළ බව කියන අපරාධ පිළිබඳව ඔහු විසින් පසුගිය දිනෙක සිදු කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් ආරම්භ කරන ලෙස වැඩබලන පොලිස්පති විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කර ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා කියාසිටියේ ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කිරීමට නියමිතව ඇති බවයි.

පසුගියදා අම්පාර ප්‍රදේශයේ පැවති දේශපාලන රැස්වීමකදී කරුණා අම්මාන් කියා සිටියේ තමන් එල්.ටී.ටී.ඊ. සංවිධානයේ සිටියදී අලිමංකඩදී එක් රැයක් තුලදී හමුදා සාමාජිකයින් 2000 ත් 3000ක් අතර පිරිසක් ඝාතනය කළ බවයි.

 

Related posts

අයි.එම්.එෆ් මීළඟ වාරිකය ගැන තීන්දුව දෙසැම්බර් 15 වෙනිදා

Editor O

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව අයත් සමාගමෙන් වන්දියක් ඉල්ලයි

Mohamed Dilsad

කොරෝනාවෙන් සිදුවූ මෙරට ආර්ථීක හානිය විමසන්න සමීක්ෂණයක්

Mohamed Dilsad

Leave a Comment