දේශීය

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව අයත් සමාගමෙන් වන්දියක් ඉල්ලයි

(UTV | කොළඹ) – ගිනි ගැනීමට ලක්වූ එම්.වී එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදුව ඇති ආර්ථික හානිය සඳහා මේ වනවිටත් නෞකාව අයත් සමාගමෙන් වන්දි මුදලක් ඉල්ලා ඇති බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසයි.

එහි සභාපති, නීතීඥ දර්ශනී ලහදපුර මහත්මිය සඳහන් කළේ නීතිපතිවරයා හරහා අදාළ වන්දි මුදල ඉල්ලා ඇති බවය.

නෞකාවෙන් සිදුව ඇති පරිසර හානියට අදාළව ද වන්දි මුදලක් ලබා ගැනීමට බලාපොරොත්තු වන බව දර්ශනී ලහදපුර මහත්මිය සඳහන් කළාය.

Related posts

පළාත් පාලන සභිකයන්ගේ ධූර කාලය පිළිබඳ පළාත් පාලන අමාත්‍යාංශයෙන් නිවේදනයක්

Editor O

ආණ්ඩුවේ ”ආචාර්යය” දේශපාලකයෙක්, රැස්වීමකදී අවමන් සහගත ලෙස බැනවැදුනැයි, රාජ්‍ය නිලධාරිනියකගෙන් පොලීසියට පැමිණිල්ලක්

Editor O

රාජිතට නොතිසි දීම සම්බන්ධයෙන් වන තීන්දුව ජනවාරි 21

Mohamed Dilsad

Leave a Comment