Trending Newsඑසැන පුවත්දේශීය

ආණ්ඩුවේ ”ආචාර්යය” දේශපාලකයෙක්, රැස්වීමකදී අවමන් සහගත ලෙස බැනවැදුනැයි, රාජ්‍ය නිලධාරිනියකගෙන් පොලීසියට පැමිණිල්ලක්

ආණ්ඩු පක්ෂයේ දේශපාලඥයෙකුට එරෙහිව රාජ්‍ය නිලධාරිනියක් විසින් පොලිසියට පැමිණිලි කර තිබේ. ඒ ප්‍රසිද්ධ රැස්වීමකදී තමන්ට ඉතාම පහත් සහ නින්දා සහගත ආකාරයෙන් බැන වැදුනු බවට චෝදනා කරමිනි.

අදාල දේශපාලඥයන්ගේ ප්‍රධානත්වයෙන් බියගම ප‍්‍රදේශයේදී පැවැති මෙම රැස්වීම සඳහා රාජ්‍ය නිලධාරීන් සහ ප‍්‍රදේශවාසීන් සහභාගි වී ඇති අතර සිය ගණනක් ඉදිරියේදී තමන්ට ඉතා නින්දා සහගත ලෙස මෙම ආචාර්ය පදවිය දරන දේශපාලඥයා බැන වැදුනු බවට ඇය විසින් පොලිසියට කරන ලද පැමිණිල්ලේ සඳහන්ය.

තම රාජකාරී සීමාවේ නොපවතින කාර්යයක් සඳහා තමන්ට දැඩිව මෙම දේශපාලඥයා බල කළ බවත් එය රාජකාරී සීමාව තුළ සිදුකළ නොහැකි බව දැනුම් දුන් පසු තමන්ට මෙසේ බැන වැදුනු බවත් ඇය කියා සිටී.

Related posts

මියන්මාරයෙන් සහල් මෙට්‍රික් ටොන් 20,000 ක් ආනයනයට පියවර

Mohamed Dilsad

பாகிஸ்தானுக்கு புதிய ஏவுகணை கண்காணிப்பு அமைப்பை விற்பனை செய்த சீன நிறுவனம்

Mohamed Dilsad

පළවෙනිදා සිට සාමාන්‍ය කාලසටහන් යටතේ පොදු ප්‍රවාහන සේවා

Mohamed Dilsad

Leave a Comment